කතානායක යලිත් පක්‍ෂග‍්‍රාහී වෙලා..

කථානායක කරු ජයසුරිය මහතා නැවතත් පක්ෂග‍්‍රාහී ආකාරයෙන් හැසිරුනු බව සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මිශ‍්‍ර ක‍්‍රමයට මැතිවරණක් ගෙන ඒම සදහා කලින් ගෙනා යෝජනා කරන ලද කතානායකවරයා දැන් විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ඉක්මන් කරන්නැයි යෝජනා කරන බවයි.

පාර්ලිමේන්තුවේදී පැවති පක්‍ෂ නායක හමුවේදී කතානායකවරයා මේ බව පැවසූ බවත් කී මන්ත‍්‍රීවරයා කතානායකවරයා පසුගිය දිනවල හැසිරුනු ආකාරයෙන්ම යලි හැසිරෙන්නට පටන් ගෙන ඇතැයිද පැවසීය.

මැතිවරණයකින් ජනාධිපති වීමට බැරි නිසා විධායකය අහෝසි කර අගමැතිකම ශක්තිමත් කරන්න කතානායකවරයා උනන්දු වන්නේ යයිද මන්ත‍්‍රීවරයා චෝදනා කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *