එජාප මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු පාර්ලිමේන්වේ ස්වාධීන වන බව අගමැති රනිල්ට දන්වයි.. අයවැය වැය ශීර්ෂ පරාජය කරවන බවත් කියයි..

තමන් සහ තවත් එක්සත් ජාතික පක්ෂ පසු පිළේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේ යැයි එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ගොඩකවෙල දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාක්ෂිකයන් බොහෝ කැපකිරීම් කර ආණ්ඩුව ලබාගත් පසු ඇතැම් ඇමැතිවරුන් ගේ හැසිරීම මත මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරි අයවැයේදී එම ඇමතිවරුන්ගේ වැය ශීර්ෂ පරාජය කරවීමට ද කටයුතු කිරීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *