එජාප ජනාධිපති අපේක්‍ෂක රනිල්.. සජිත්ගේ සිහිනය තව ඈතට යයි..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කරයි.

එහිදී අගමැතිවරයා කවුදැයි තෝරාගන්නේ මහජනතාවගේ මතය අනුව බවද ඔහු පවසයි.

මාධ්‍ය වේදීන්ට අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා එජාපයේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා යයි එම පක්‍ෂ කණ්ඩායමක් විසින් ප‍්‍රසිද්ධියේ පවසමින් සිටිති.

සජිත් පේ‍්‍රමදාස මහතාද සදහන් කරන්නේ තමන් ඔ්නෑම අවස්ථාවක ඒ සදහා සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *