ඉම්රාන් යන මගට මොටාසාත් පිවිසෙයි..

ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරමින් සිටින ක්‍රීඩකයකු පාර්ලිමේන්තු ආසනයකට හිමිකම් කියන ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු අවස්ථාව සටහන් කරමින් බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆි මොටාසා එරට 11 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රණය කිරීමට සමත්ව ඇත.

ආවාමි ලීගය නියෝජනය කරමින් නරේල්-2 ඡන්ද කොට්ඨාසයෙන් මහ මැතිවරණයට තරග කළ මොටාසා එහිදී ජන්ද 274,418ක් ලබාගැනීමට සමත්ව ඇති අතර එය එම ආසනයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 96%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකි. මොටාසාගේ ප්‍රතිවාදියා වූ ෆරිදුස්සාමන් ෆර්හාද් හට හිමිව ඇත්තේ ඡන්ද 8,006ක් පමණි.

පසුගිය දෙසැම්බර් 30 වැනිදා පැවැති මහ මැතිවරණයට මොටාසා තම ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ දෙසැම්බර් 22 වැනිදා වීම විශේෂත්වයක් වන අතර පසුගිය කොදෙව් එක්දින තරගාවලිය අතරතුරදී ඔහු කලවේ ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටීම ඊට හේතු වී ඇත. තවද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි-20 තරගාවලිය මේ මස 5 වැනිදා ආරම්භ වන බැවින් මොටාසා යළිත් ඡන්ද උණුසුමෙන් මිදී ක්‍රිකට් පිටියට එක්වීමට නියමිත අතර ඔහු පසුගියවර ශූරයන් වූ රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයද හොබවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *