ඉදිරි මැතිවරණයට පුළුල් සන්ධානයක්..

ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයක් යටතේ ඉදිරිපත්විමට අපේක්ෂා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය ද එම සන්ධානයට ඇතුළත් වනු ඇති බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

නව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රථම වරට නෙලූම්මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය.

කෝට්ටේ ශී‍්‍ර පැරකුම්බා පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය තලගල විමල නාහිමි, මොරටුව එගොඩ උයන ශී‍්‍ර බෝධීරාජාරාමාධිකාරී ශාස්ත‍්‍රපති පූජ්‍ය එගොඩඋයන ඤාණවිමල හිමි ඇතුලූ හමිවරුන් මේ අවස්ථාවට එක්ව ආගමික වතාවත් පැවැත්විය.

කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතාද මේ අවස්ථාවට එක්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා සහ ලූෂන් පුෂ්පරාජ් මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්විනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *