අසාද් සාලිට එරෙහි විරෝධතාවයක්..

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට අද(14) උදෑසන විරෝධතාවයක් පැවැත්වුණි.

ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාළි මහතා විසින් අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරියට තර්ජනය කළ බවට චෝදනා කරමින්ය.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පවත්වාගෙන ගිය දහම්පාසල එම විද්‍යාලයේ විදුහල්පතිවරියගේ නියෝගයක් මත ඉකුත් 6 දා සිට එම ස්ථානයේ නොපැවැත්වීමට කටයුතු කෙරුණි.

එවන් පසුබිමක ඊයේ(13) දිනයේදී එම දහම් පාසල විද්‍යාල පරිශ්‍රෙයන් පිටතදී පැවැත්වුණු අතර එම අවස්ථාවේදී එහි පැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාළි මහතා නැවත එම දහම් පාසල විද්‍යාල පරිශ්‍රෙය් පවත්වන ලෙසට අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරියට දුරකථන ඇමතුමක් මාර්ගයෙන් උපදෙස් දී තිබේ.

මෙම සිදුවීම හරහා අසාද් සාළි මහතා විසින් විදුහල්පතිවරියට තර්ජනයක් සිදුකළ බවට චෝදනා කරමින්එහි සිසුවියන්ගේ මව්පියන් අද පෙරවරුවේ විද්‍යාල පරිශ්‍රය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *