Menu

මධ්‍යම කඳුකරයෙන් බෞද්ධ නගරයක් මතුවෙයි

January 12, 2017

මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී. ජල මට්ටම පහත බැසීමත් සමග ජලාශයට යටවී තිබූ පැරණි මස්කෙළිය නගරයේ නටබුන් අතරින් බෞද්ධ විහාරයේ බුද්ධ පිළිමය, ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය, ගල් පාලම හා ඝන දෙවි කෝවිල මතුවී  තිබේ.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද (12දා) පෙරවරු 10.00 වන විට පිළිවෙලින් පිටාර මට්ටමේ සිට අඩි 35 ක් හා 18.05 දක්වා පහත බැස තිබූ බව ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියොන් යන ජල විදුලි බලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz