dawase-wedagath-kama

පාකිස්ථානයේ සුපිරි පන්දු යවන්නා අත්අඩංගුවට ගැනීමට නියෝග

පාකිස්ථානයේ සුපිරි පන්දු යවන්නා  අත්අඩංගුවට ගැනීමට නියෝග

පාකිස්ථානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වසීම් අක්‍රම් වහාම අත්අඩංගුවට ගන්නැයි කරච්චි අධිකරණයක් මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.

වසීම් අක්‍රම් ගමන් ගනිමින් තිබූ මෝටර් රථයේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් රථයක් ගැටීමෙන් කරච්චි නුවරදී මෙම අනතුර සිදුකර තිබුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

වසීම් අක්‍රම් විසින් අදාළ නඩුව ගොනුකර තිබූ අතර, නඩු විභාගය අවස්ථා 31 කදී කැඳවා ඇති නමුත්, ඉන් එක් අවස්ථාවකට හෝ ඔහු ඉදිරිපත් වී නොමැති බව සඳහන්.

වසීම් අක්‍රම් සිය පවුලේ සාමාජිකයින් සමඟ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන බවයි වාර්තා වන්නේ

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz