Menu

ඒකාබද්ධයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් ඇමතිකමක් සමඟ ආණ්ඩුවට?

January 10, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමට සූදානම් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

එලෙස ආණ්ඩුවට එක්වීමට නියමිත මන්ත්‍රීවරු අතර ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සිටින බවත් එම මන්ත්‍රී පිරිස කැබිනට් ඇමති ධූර නැතත්, නියෝජ්‍ය ඇමති ධූර ලබාගෙන මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමග වැඩ කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් මයන්ත දිසානායක මහතා පෙන්වා දුන්නේය.

යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළ හා සිදුකරනු ලබන ව්‍යපෘති පිළිනොගෙන ආණ්ඩුවේ ඉඳගෙන ඒවා විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු යැයි ද ඊයේ (09) යටිනුවර ප්‍රාදේශීය සභාවේදී පැවැති ඉඩම් හිමිකම්පත් හා ඇස් කණ්ණාඩි බෙදාදීම සඳහා උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.

එහිදී අදහස් දැක්වූ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා,

“සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව කරන වැඩ පිළිවෙළට බනිනවා මාධ්‍යවලින් අපි දකිනවා. අපි බොහොම පැහැදිලිව ඒ ඇමතිවරුන්ට කියලා තියෙනව ඉන්න බැරිනම් යන්න කියලා.

අපිට තව මන්ත්‍රීවරුන් ඉන්නවා ඒකාබද්ධ විපක්ෂයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුත්. ඒ අය කියන්නෙ කැබිනට් ඇමති කමක් නැතත් නියෝජ්‍ය ඇමති කමක්වත් දෙන්න අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා යටතේ එකතු වෙලා වැඩ කරන්න කැමතියි කියලා” යැයි සඳහන් කළේය.

මේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හිදායත් සත්තාර්, කඩුගන්නාව හිටපු නගරාධිපති, යටිනුවර ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රා ජයතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz