හිරේ විලංගුවේ වැටෙනවාට අපි බය නෑ – නාමල් කියයි

හිරේ විලංගුවේ වැටෙනවාට අපි බය නෑ  – නාමල් කියයි

හිරේ විලංගුවේ වැටෙනවාට අපි බිය වෙන්නේ නැතැයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා මාධ්‍යට ඊයේ (9) පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. අපි හිරේ විලංගුවේ වැටෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. පොලිසිය අපට ගැහුවාට ප්‍රශ්නයක්‌ නැහැ. අත දරුවන් සිටින ගෙවල්වලට පවා පොලිස්‌ අවධානය යොමු වුණා. හම්බන්තොට උද්ඝෝෂණය කළාට අපිව අත්අඩංගුවට ගැනීමට යනවා. අපි බිය නැහැ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් හිරේ විලංගුවේ යන්නේ.

අපිට වතුර ප්‍රහාර එල්ල වුණා. ඒත් සබන් ලැබුණේ නැහැ. පොලිසිය අපට පහර දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේම ප්‍රාදේශීය සභා පළාත් සභා මන්ත්‍රීවරු පවා මේ උද්ඝෝෂණයට සහභාගි වුණා. අපිව අත්අඩංගුවට ගන්න තුරු අපි බලා සිටිනවා. මේ රජය කළේ අපට ගහන ඒකයි. අපිව හිරේ දාන එකයි විතරයි.

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz