Menu

හිරුණිකා රෝහල් ගත කරයි – අධිකරණයට නොපැමිණෙයි

January 10, 2017

දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිණී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (10) විභාගයට ගැණුනා. ඒ, කොළඹ මහාධිකරණයේදීයි.

අදාළ නඩුව සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය ඇතුළු 09 දෙනෙකුට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේදී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඇය වෙනුවෙන් පෙනී සිටි නිතිඥයන් සඳහන් කළේ තම සේවා දායිකාව ගැස්ට‍්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳීම නිසා මේ වන විට පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුවේ සාක්ෂි විමසීම ලබන අපේ‍්‍රල් මස 26 සහ 27 යන දෙදින සිදු කිරීමටයි මෙහිදී නියෝග කෙරුණේ.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz