ලෝක ප්‍රසිද්ධ නිළියකගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාරයක්

ලෝක ප්‍රසිද්ධ නිළියකගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාරයක්

හොලිවුඩ් විදේශීය ජනමාධ්‍ය සම්මේලනය මගින් සිනමා සහ රූපවාහිනී විශිෂ්ඨතාවන්ට උපහාර දක්වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ මීට පැය කිහිපයකට පෙර ඇමරිකාවේදී නිමාවට පත්වුණා.

එහිදී සංගීතමය හොලිවුඩ් චිත්‍රපටයක් වූ ලා – ලා – ලෑන්ඩ්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 7ක් ජයග්‍රහණය කළේ නව වාර්තාවක් ද පිහිටුවමින්.

එහි රඟපෑ එමා ස්ටෝන් සහ රයන් ගොස්ලින් හොඳම රගපෑම සඳහා සම්මාන හිමි කර ගත්තා.

මෙහිදී ජීවිත කාලීන සම්මානයකින් පිදුම් ලැබූ ප්‍රවීන හොලිවුඞ් සිනමා නිළි මර්ල් ස්ට්‍රීප්, ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඞ් ට්‍රම්ප් සිය කතාවේදී දැඩි විවේචනයට ලක් කළා.

ඇගේ උදහස පළ වුණේ ට්‍රම්ප් මැතිවරණ කතාවකදී ආබාධිත මාධ්‍යවේදියෙකුගේ හැසිරීම අභිරූපණයෙන් දැක්වීම පිළිබඳවයි.

Meryl Streep slams Donald Trump and his impersonation of a dis…

Meryl Streep rips into 'bully' Donald J. Trump in emotional speech at Golden Globes

Posted by Daily Mail on Monday, January 9, 2017

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz