dawase-wedagath-kama

ජනපතිගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් සිසුවාට ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරක්..

ජනපතිගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් සිසුවාට ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරක්..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් දරුවෙක් අද පරිවාස භාරයට පත් කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ වෙබ් අඩවිය සලකන්නේ ලංකාවේ තියෙන සුරක්ෂිතම වෙබ් අඩවිය විදිහටයි. ඒ වෙබ් අඩවියට පාසල් දරුවකු ඇතුළු වුණා කියන්නේ ඔහු සැබෑම දක්ෂයෙකු විය යුතුයි. ඒ දරුවා සැබෑ දක්ෂයකු බවට විභාග දේපාර්තුමේන්තුවත් ලිඛිතව සහතික කරලා තියෙනවා ඉදිරිපත් වුණු සෑම විෂයකටම සාමන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ඨ සමාර්ථ ලබා ගෙන. මෙවැනි දරුවන් ඇමරිකාවේ නාසා ආයතනයේ, පෙන්ටගනයේ වෙබ් අඩවි වලට ඇතුල් වෙනවා. පාසල් දරුවන් පරිඝණකයට ඇතුළු වුණාම අල්ලලා හිරේ දාන එක නෙවෙයි ඇමරිකාවේ කරන්නේ. ඒ දරුවෝ ගෙනල්ලා කතා කරලා අවශ්‍ය විනය හදලා ශිෂ්‍යත්ව ලබා දීලා ඒ දරුවා සතු පරිඝනක දැනුම රට වෙනුවෙන් භාවිතා කරන්න අවශ්‍ය හික්මීම සහ දැනුම ලබා දීම තමයි ආණ්ඩුවේ වගකීමක් බවට පත් කර ගැනීම තමයි ඇමරිකාව ඔස්ට්‍රේලියාව වැනි රටවල දී සිදුවන බව අපිට ආරංචි වෙන්නේ. නමුත් අද මේ දරුවා පරිවාස භාරයට පත් කරලා තියෙනවා. ඒ දරුවා කරපු වරදක් නෑ. රහසින් වෙබ් අඩවියට ඇතුළු වුණ බව ඇත්තයි. හැබැයි මේ වෙබ් අඩවියට නිසි ආරක්ෂාවක් නෑ කියන පණිවිඩය තැබුවා. රටේ තියෙන ප්‍රශ්න කිහිපයක් පිළිබද ජනාධිපතිතුමා දැනුම්වත් කලා. දත්ත විකෘති කිරිම, දත්ත සොරා ගැනීම වැනි සයිබර් වරදක් ලෙස සලකන දේවල් මේ දරුවා කල තිබුණේ නෑ. අපිට මතකයි ජනාධිපතිතුමාගේ ජිවිතය බිලි ගන්න ඇවිත් අවශේෂ පිරිසකගේ ජිවිත බිලි ගත්ත ත්‍රස්තවාදියාට ජනාධිපතිතුමාගෙන් සමාව ලැබුණා. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමක් ලෙස නම් කර තිබෙන සිගිරියේ ඓතිහාසික කුරුටු ගී කුරුටු ගෑ තරුණියට ජනාධිපතිතුමාගෙන් සමාව ලැබුණා. හැබැයි ඒ මහා අපරාධ දෙකත් සමග බලද්දි කිසි සේත්ම අපරාධයක් විදිහට හදුන්වන්න බැරි මේ දරුවා පරිවාස භාරයට පත් කිරීමට තිරණය කිරීම. අද සමාජයේ කතිකාවත් මතුවෙලා තියෙනවා මේ දරුවා සිංහල වීමද අර වැනි සමාවක් ලැබීමට නුසුදුසු වුණේ කියලා. සංහිදියාව ගැන කතා කරන. ජාතිවාදයට විරුද්ධව කතා කරන, සංහිදියාට ඇතිකිරිමට ව්‍යවස්ථාපිතව බලය පැවැරි සිටින ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිවාදීව කටයුතු කරනවා කියන හැගීම පණිවිඩය සමාජයට යෑම එතුමා ආඩම්බරයෙන් කතා කරන සංහිදියාව බිහිකරන්න බාධාවක්. ඒ නිසා ජනාධිපතිතුමන් මේ දක්ෂ දරුවාගේ දක්ෂතාවය තේරුම් අරගෙන ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දීලා අවශ්‍ය හික්මීමත් ලබා දීලා පරිඝණක කේෂ්ත්‍රයේ දක්ෂයෙක් කරලා. අවසාන වශයෙන් ඔබට ඉන්න පරිඝණක අංශයේ නිලධාරින් අස් කරලා මේ දරුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහිංසකව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
 
ඊයේ දින කොළඹදී පැවති ඒකාබද්ධ විපක්‍ෂ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz