සැප්තැම්බර් 30 සිට වෙළෙඳ ප්‍රදර්ශනයක් මඩකලපුවේ

සැප්තැම්බර් 30 සිට වෙළෙඳ ප්‍රදර්ශනයක් මඩකලපුවේ

තෙවැනි වරටත් පවත්වන මඩකලපු අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 2016 (Batticaloa International Trade Exhibition 2016) 2016 සැප්තැම්බර් 30, ඔක්තෝබර් 01 සහ 02 යන දිනයන්හිදී මඩකලපුව ශිවනන්ද ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

සී/ස ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කන්ෆරන්ස් සර්විසස් (පෞද්.) සමාගම මගින් මඩකලපු දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත සහ කෘෂිකාර්මික මණ්ඩලය (Batticaloa District Chamber of Commerce, Industry and Agriculture – BDCCIA) හා එක්ව සංවිධානය කෙරෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනය, තිස් වසරක යුද සමයෙන් පසු ප්‍රදේශයේ පැවැත්වෙන වඩාත් ප්‍රචලිත සහ වර්ණවත් අවස්ථාවක් බවත්, නැඟෙනහිර ප්‍රදේශයේ ජීවන රටාව හැඩගැස්වීමෙහිලා මෙමගින් මහත් පිටිවහලක් ලැබෙන බවත් කියයි.

ඉදිකිරීම් කර්මාන්තය, සත්කාරක සේවා, ආහාරපාන හා ඇසුරුම්කරණය, රථ වාහන ක්ෂේත්‍රය, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය, මුල්‍ය සේවා, ඇඟලුම් හා විලාසිතා ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය සහ පාරිභෝගික භාණ්ඩ ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් නොයෙකුත් භාණ්ඩ හා සේවා මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇති බවත් පෙන්වා දෙයි.

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz