Menu

ජනපති ගේ ප‍්‍රකාශයෙන් රනිල් – බැසිල් ඩීල් එක පුස්සක් වෙයි

April 21, 2017

මැයි දින රැළිය පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයට ගාලූමුවදොර පිටිය ලබා දුන්නේ තමන්ගේ මැදිහත් වීමෙන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ස මැයි දින කමිටු සාමාජිකයින් හමුවේදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ගාලූ මුවදොර පිටිය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දීමට අග‍්‍රාමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒ ගැන අගමැතිවරයා කිසිත් නොදන්නා බවත්ය.

මෙම පිටිය ලබා දුන්නේ අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් යයි පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයිද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් ගාළු මුවදොර ඒකාබද්ද විපක්‍ෂයට ලබා දුන්නේ රනිල්-බැසිල් ඩීල් එකක් නිසා බව යයි කලින් ප‍්‍රසිද්ධියේ කී ශ‍්‍රීලනිප ඇමතිවරුන් එහිදී කිසිත් කියා නැත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක