Menu

විද්‍යාව ප්‍රශ්ණයක් කරමින් දරුවෙකු ඉපදුන ගමන් ගැබ්බර වෙයි

August 1, 2017

19 හැවිරිදි ගර්භනිය මවක් තම දරුවා ප්‍රසුත කිරීම සදහා ඉන්දියාවේ මුම්බායිහි පිහිටි බිලාල් රෝහලට ඇතුළත් වෙලා.මේ මව ඉතා නිරෝගී ලෙස රෝහලේදී දරුවාව ප්‍රසුත කර තිබෙනවා.නමුත් අසාමාන්‍ය ලෙස දරුවාගේ උදරය ඉදිරියට නෙරා විත් තිබෙන අතර මව දරුවාව ප්‍රසුත කිරීමට ප්‍රථම පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එම පරීක්ෂණ වාර්ථාව වෛද්‍යවරුන් පරික්ෂා කිරීමේදී ආසාමාන්‍ය ලෙස දරුවාගේ උදරය දැක තිබෙනවා. මෙම පිරිමි දරුවා ප්‍රසුත කිරීමෙන් අනතුරුව දැකගත හැකි වී තිබෙන්නේ එම දරුවාත් ගැබ්බර බවයි.මවගේ කුසයේ කළලය වැඩෙමින් තිබියදී නිවුන් සහෝදරයෙක් කුසතුළ වැඩෙන්නට ඇතැයි වෛද්‍යවරුන් අනුමාන කරනවා. එය මේ උපත ලැබූ බිළිදාගේ කුසතුළ වැඩෙන්නට ඇතැයි ඔවුන් වැඩි දුරටත් කල්පනා කරනවා. කෙසේ නමුත් මෙම දරුවාගේ කුස සැත්කමකට භාජනය කර තිබෙන අතර එහිදී 7cm ස්කන්ධය ඉවත් කිරීම සඳහා සාර්ථකව සැත්කම සිදු කර තිබෙනවා. එමෙන්ම මෙම සැත්කම සිදු කර තිබෙන්නේ දරුවා උපත ලබා දින නවයකට පසුවයි .ඒ පසුගිය ජූලි 20 වැනි දිනයි.මෙවැනි නිවුන් ගැබ්ගැනීම් දුර්ලභ ‘කලලයක්’ ලෙස හදුන්වන අතර එවැනි දුර්ලභ අවස්ථා 200ක් ලොව වටා වාර්තා වී තිබෙන බවත් සදහන්. එම සැත්කම සාර්ථකව සිදු කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය නික්ලානි මහතා පවසන්නේ “දරුවා දැන් ඉතාමත් හොඳින් ඉන්නවා. දරුවාට ඉක්මණින්ම මව් කිරි දීම ආරම්භ කරන්න පුළුවන්. මේ වැනි සිදු වීම් හදුන්වන්නේ (Monozygotic twin gestation) නමින්. මෙය ඇත්තටම දරුවාගේ ජීවිතය අවධානම් මට්ටමක තිබුණේ. කෙසේ නමුත් කියන්න සතුටුයි කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ සහයෝගය ඇතිව මෙම සැත්කම සාර්ථකව කර ගන්න පුළුවන් වුණා කියන එක වගේම දරුවා නිරෝගී සුවයෙන් ඉන්නවා කියලත් කියන්න ඕන..

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක