Menu

මක්කම දෙසට මිසයිල ප්‍රහාරයක්

August 1, 2017

සෞදි අරාබියේ මක්කම නගරය දෙසට යේමනයේ හවුති ත්‍රස්තයින් පසුගිය දා එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්, ප්‍රති-බැලැස්ටික මිසයිල යොදා ගනිමින් සාර්ථකව විනාශ කර දැමීමට සෞදි නායකත්වයෙන් යුත් සන්ධාන ගුවන් හමුදාවේ මිසයල ආරක්ෂකපද්ධතිය සමත් විය.

මක්කම නගරයේ සිට කිලෝමීටර් 69ක් දුරින් පිහිටා ඇති අල්-ටෙයිෆ් පළාතේ අල්-වස්ලියා ප්‍රදේශයේ ඉහළ අහසේදි සතුරු බැලැස්ටික් මිසයිලය පුපුරවා හැර ඇති අතර එයින් කාටවත් අනතුරක් සිදු වී නොමැති බව සන්ධාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක