Menu

පාකිස්ථානුවන්ට අද සුවිශේෂී තරගයක්

April 21, 2017

පාකිස්ථාන ක්‍රිකට් පිලේ ප්‍රවීණතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මිස්බා උල්හක් සහ යුනිස් ඛාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන පාකිස්ථාන – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය අද (21) ආරම්භ වනවා.

ඒ ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයෙන්.

කොදෙව් පිල සමග පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේදී තවත් ලකුණු 23ක් රැස් කර ගතහොත්  යුනිස් ඛාන්ට ටෙස්ට් ලකුණු දස දහස ඉක්මවූ ප්‍රථම පාකිස්ථාන ක්‍රීඩකයා බවට පත්වීමට හැකිවනවා.

වැඩිපුරම කියැවූ පුවත්