Menu

පොදුජන පෙරමුණේ මැයි රැලියට යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට අනතුරු ඇගවීමක්

April 21, 2017

ගාලුමුවදොර පිටියේදී පවත්වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලියට ශ‍්‍රීලනිප යේ මන්ත‍්‍රීවරු සහභාගී වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණයක් ගන්න බව එජනිස මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පැවසී.

ඒකාබද්ධ විපක්ෂය මීට පෙර පැවැත්වූ මැයි රැලිවලට වඩා මෙවර රැලිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් යයි ද එම රැලිය සංවිධානය කරන්නේ මහාචාර්්‍ය ජී එල් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට ඊට සහභාගී විය නොහැකි බවද ඊයේ(20) පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරදා පැවසීය.

මේ නිසා මන්ත‍්‍රීවරුන් ඊට සහභාගී වුවහොත් මෙවර පැහැදිලි බෙදීම් ඉරක් ඇදෙනු ඇති බවද,  පක්ෂ මධ්‍යම කාරක සභාව එම රැලියට යන පිරිසට එරෙහිව පියවර ගනු ඇති බවද ඇමතිවරයා කියා සිටියේය.

වැඩිපුරම කියැවූ පුවත්