Menu

අගමැතිගේ තීරණයට ඇමති සුසිල් විරුද්ධ වෙයි

April 21, 2017

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

කවුරුන් විරුද්ධ වුවත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට කටයුතු කරන බව අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කැබිනට් හමුවේදී ප්‍රකාශ කර සිටියහ.

වෙසක් උත්සවයට සහභාගී වීමට මෙරටට පැමිණෙන ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්