Menu

ශ‍්‍රීලනිප මැයි රැලියෙන් රටටම ආදර්ශයක්

April 21, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට පාක්ෂිකයන් සහභාගි කරවීමේදී මත්පැනින් තොරව සහභාගි කරවන ලෙසට ආසන සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

පෙළපාලියේ හෝ රැලියේ කිසිදු කටයුත්තකට පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙසටද පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

මහනුවර දළඳා මාළිගාවේ ගෞරවය රැකගැනීම සඳහා මෙම තීරණ ගෙන තිබෙන අතර, රැලිය අවසන් වීමෙන් පසුව රැලිය සුද්ධ පවිත්‍ර කිරීමටද කණ්ඩායමක් පත්කිරීමට තීරණය කර තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක