Menu

මිලින්ද සිරිවර්ධනගේ දඹුල්ල කණ්ඩායමට තියුණු ජයක්

April 21, 2017

සුපිරි පළාත් ක‍්‍රිකට් තරඟාවලියේ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරඟයෙන් මිලින්ද සිරිවර්ධන නායකත්ව දැරූ දඹුල්ල කණ්ඩායමට එක් කඩුල්ලක තියුණු ජයක් හිමිවුනා.

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 250ක් රැස් කළා.

එහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකද අර්ධ ශතකය වාර්තා කරමින් චතුරංගද සිල්වා ලකුණු 56ක්ද, සික්කුගේ ප‍්‍රසන්න ලකුණු 46 ක්ද ලබාගත්තා.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා ලකුණු 28කට කඩුලු 2ක්ද, මිලින්ද සිරිවර්ධන ලකුණු 18කට කඩුලු 02ක්ද දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි මිලින්ද සිරිවර්ධන ප්‍රමුඛ දඹුල්ල කණ්ඩායම අවසන් පන්දුවේදී එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට සමත්වුනා.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් හර්ෂ කුරේ ලකුණු 46ක්ද මිලින්ද සිරිවර්ධන ලකුණු 39ක්ද රැුස් කිරීමට සමත්වුනා.

එහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් මිලින්ද පුෂ්පකුමාර ලකුණු 47කට කඩුලු 02ක්ද, චාමික කරුණාරත්න ලකුණු 23කට කඩුලු 02ක්ද, චතුරංග ද සිල්වා 36කට කඩුලු 02ක්ද, සිකුගේ ප‍්‍රසන්න 46කට කඩුලු 02ක්ද ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක