Menu

මාලිංගට එරෙහිව හෂීම් අම්ලාගෙන් වාර්තාවක්

April 20, 2017

2017 අයි පී එල් තරගාවලියේ කිංග්ස් ඉලෙවෙන් පන්ජාබ් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී එක් අයිපීඑල් තරගයකදී පිතිකරුවකු විසින් පන්දුයවන්නෙකුට එරෙහිව ලබාගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලසිත් මාලිංගට එරෙහිව ලබා ගැනීමට පන්ජාබ් කණ්ඩායමේ හෂීම් අම්ලා සමත් වුනා

ඒ මාලිංගගේ පන්දු 16කදී ලකුණු 51ක් ලබා ගනිමින්.

මීට පෙර විරාත් කෝලි විසින් උමේෂ් යාදව්ට එරෙහිව 2013 අයිපීඑල් තරගාවලියේදී  ලකුණු 52ක් ලබා ගෙන තිබෙනවා.

මුම්බායි ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 198ක් ලබාගත්තා

ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ හෂීම් අම්ලා සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කරමින් නොදැවී  පන්දු 60කදී ලකුණු 104ක්ද ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 18කදී ලකුණු 40ක්ද ලබාගත්තා

වැඩිපුරම කියැවූ පුවත්