Menu

අද දවස ඔබට කොහොමද ? මෙතනින් බලා ගන්න

July 26, 2017

මිථුන – අධික වෙහෙසීම් සහිත දිනයකි. විනෝද චාරිකා ආදිය සදහා සහභාගීවීමට අවස්ථා යෙදේ. දවසේ ආදායම් තත්වය සතුටුදායක වේ. කෙටි ගමන් බිමන් යෙදේ.

මේෂ – අද දවසේ කටයුතුවල වෙනසක් සිදුවේ.නව රැකියා ලාබ ආදියට හේතුයි. උත්සාහයෙන් නිසි ප්‍රථිපල ලැබීමට අපහසුවේ. හුදකලා ගති බලපායි.

වෘෂභ – නිර්මානාත්මක කටයුතුවල නිරතවූවන්ට කාර්‍යබහුල වේ. අසල්වැසියන්ගේ උපකාර නිතර ලැබේ. දවසේ ආදායම් තත්වය සතුටුදායක වෙයි. වැයවීම් ඉහළ යයි.

කටක – සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොමැත. පාද ආශිත ආබාධ ආදියට හේතුවයි. ලැබීම් අතින් යහපත් දිනයකි. අවිවේකී දිනයකි.

සි0හ – අධික වෙහෙසීම් සහිත දිනයකි. වන්දනා ගමන් විනෝද චාරිකා ආදියට සම්බන්ධ වීමට අවස්ථා යෙදේ. උත්සාහයෙන් සඵල වේ. නව මිතුරු සබදතා ඇතිවේ.

කන්‍යා – රැකියාවට සම්බන්ධ ගමන් බිමන් යෙදේ. රැකියා ඉල්ලුම්කරුවන්ට කැදවීම් ලැබේ. දවසේ කටයුතු සදහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවන දවසක් ඒ වගේම තැම්පත් ධනය වැයවීමට හේතු යෙදේ.

තුලා – සතුරු උවදුරු දුරු වී යන අතර විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දිනයකි. රැකියා කටයුතුවල දියුණුව සැලසේ ආර්ථික තත්වය යහපත් වේ.

වෘශ්චික – පෙම් සබදතා ආදිය සදහා පැවති බාධක දුරු වේ. ලැබීමට තිබූ දෙයක් ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකිවේ. දවසේ කටයුතු වලින් වැඩිලාභ සැලසෙයි. නව මිතුරු සබදතා ඇති වේ.

ධනු – කළක් පැවති බලාපොරොත්තු රැසක් ඉටුවේ. අධ්‍යාපන කටයුතු සදහා උනන්දුව අඩුවේ. නව මිතුරු සබදතා ඇතිවේ. හදිසි ධනලාබ භූමිලාභ ආදියට හේතුවෙයි.

මකර – අනුන් සමග කරන කටයුතුවලදී වාද භේද මතභේද ආදියට හේතු යෙදේ. ඉවසිලිවත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුවේ. රැකියා කටයුතු සාමාන්‍ය ලෙස ඉටුවේ. වියදම් ඉහළ යයි.

කුම්භ – අනුමානයට කරනා කටයුතු වලින් ජය හිමි වේ. නිවසේ කටයුතු වලට වැඩි අවධානයක දීමට සිදු වේ. ගමන් බිමන් අධික වේ. බලාපොරොත්තු පරිදි කටයුතු සිදු නොවේ.

මීන – රැකියා කටයුතු වලදී දුෂ්කරතා සිදුවේ. දැඩි උත්සාහයෙන් කටයුතු කරනා දිනයකි විදේශගත නෑදෑයෙකුගෙන් උපකාරයක් ලැබෙන අතර නිවාස ප්‍රශ්නයකට විසදුම් ලැබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක