Menu

චන්දිමාල් ගේ කොළඹ කණ්ඩායම කපුගෙදරගේ නුවර කණ්ඩායම පරදවයි

April 20, 2017

සුපිරි පළාත් ක‍්‍රිකට් තරඟාවලියේ කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරඟයෙන් දිනේශ් චන්දිමාල් ගේ නායකත්වයෙන් කොළඹ කණ්ඩායම ලකුණු 106ක පහසු ජයක් ලබාගැනීමට සමත් වුනා

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 288ක් රැස් කළා.

එහිදී නායකත්වයේ ඉනිමක් ක‍්‍රිඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 76ක් ද, දිල්ෂාන් මුණවීර ලකුණු 52ක්ද, ලහිරු තිරිමාන්න ලකුණු 49ක්ද රැුස් කිරීමට සමත්වුනා.

නුවර කණ්ඩායම වෙනුවෙන් නුවන් ප‍්‍රදීප් ලකුණු 56කට කඩුලු 03ක්ද, චරිත් අසලංක ලකුණු 32කට කඩුලු 02ක්ද, දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි චාමර කපුගෙදර ප්‍රමුඛ නුවර කණ්ඩායමට පන්දුවාර 38ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 182ක් පමණි.

නුවර කණ්ඩායම වෙනුවෙන් චාමර කපුගෙදර ලකුණු 36ක්ද, සචිත් පතිරණ ලකුණු 46ක්ද රැුස් කිරීමට සමත්වුනා.

එහිදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 37කට කඩුලු 03ක්ද, සචිත‍්‍ර සේනානායක ලකුණු 39කට කඩුලු 03ක්ද ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා

වැඩිපුරම කියැවූ පුවත්