Menu

“මම මහින්ද මහත්තයට හැමදාමත් ආදරෙයි .. මම මේ ආණ්ඩුවේ ඇමතිකම් දැරුවට මම හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙක්” – රජයේ මැති ඇමතිවරු මහින්ද හොරෙන් හමු වෙති

April 20, 2017

පසුගිය පෙබරවාරි 13 වන දා සිට දිගින් දිගටම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිටින සෑම තැනකටම පැමිණි ඔහු හමු වී සාකච්ඡාවන් සිදු කර ඇති බවට අන්තර්ජාල වෙඩ් අඩවි වාර්තා කරයි. 13 වන දින රාත්‍රියේ රජයේ මැති ඇමතිවරුන් කතරගම යන මුවාවෙන් මහින්ද රාජපක්‍ෂ රැදී සිටින කාල්ටන් නිවස වෙත ගොස් ඔහු හමු වී සාකච්චා පැවැත්වූ බව වාර්තා වී ඇත.

ඉන්පසු 14 වන දින අවරුදු උත්සවයට සුබ පතන මුවාවෙන් මැති ඇමතිවරුන් පැමිණි අතර ඊට දින කිහිපයකට පසු මහින්ද රාජපක්‍ෂ නුවරඑළියේ දී ඔහු රැදී සිටි ස්ථානය වෙත පැමිණ රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජන කරන මැති ඇමතිවරුන් තිදෙනෙක් පැමිණි හිටපු ජනධිපති මහින්ද රාජපක්‍ෂ හමු වී තිබේ . ඊට අමතරව නුවර දී පළාත් සභාවේ ප්‍රබලයෙක් ඇතුළු මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ද මහින්ද රාජපක්‍ෂ හමු වී සාකච්ඡා කොට තිබේ .

ඉන්පසුව මහින්ද රාජපක්‍ෂ කූරුණෑගලට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක් හා පාර්ලිමේන්තුවේ දැනට නොසිටින නමුත් මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු ප්‍රබලයෙකු මහින්ද රාජපක්‍ෂ හමු වූ අතර හමු වූ මේ හැම අවස්ථාවකදීම හිටපු ජනධිපති මහින්ද රාජපක්‍ෂ වට පිට බලන අවස්ථාවන් වල දීම පැමිණි මැති ඇමතිවරුන් මාධ්‍යට තරහා නැතුව එළියට යන්නයි සුහදව පවසා මාධ්‍යවේදීන් එලියට දමා ඇත . එවිට මහින්ද රාජපක්‍ෂ පවසා සිටියේ මන්ද මෙය වාර්තා වුවහොත් මෙහි පැමිණි සිටින සියළු දෙනාට තමන්ගේ තනතුරු අහිමිවීමට ඉඩ ඇති බවත් මොවුන් පැමිණ ඇත්තේ අවුරුද්දට ඔහු හමු වීමට පැමිණි නිසාවෙනි .

නමුත් එක් අවස්ථාවකදී මාධ්‍යවේදීන් කාල්ටන් හිදී ආණ්ඩුවේ මේ වන විට ජනධිපතිවරයාගේ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති ධුරයක් දරණ ඇමතිවරයෙක් මහින්ද රාජපක්‍ෂ හමු වීමට පැමිණ සාකච්ඡා අවසන් කොට පිටත්ව යාමට සැරසෙන විට එතන සිටි මාධ්‍යවේදීයෙක් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා …

“මොනවද කතා කලේ .. ඇයි ? ඔබතුමාට ප්‍රශ්නයක් නිසාද අපිව එළියට දැම්මේ කියලා .. ”

ඉන්පසු අමාත්‍යවරයා පවසා සිටියේ ..

“නැහැ එහෙම ප්‍රශ්නයක් නෑ .. මට කව්රු දැන ගත්තත් කමක් නෑ .. මම මහින්ද මහත්තයට හැමදාමත් ආදරෙයි .. මම මේ ආණ්ඩුවේ ඇමතිකම් දරුවට මම හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙක් … ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එතුමා කළ සේවය ගැන මට හොඳ වැටහීමක් තියෙනවා .. සහා මේ රට නියමිත දිශාවට හරවන්න පුළුවන් හැකියාව ඇත්තේ මෙතුමාට කියලා මම තාමත් විශ්වාස කරනවා .. ඒ නිසා මම මගේ ගමන අතාරින්නෙ නෑ .. මම හැමදාම එනවා ඇවිත් හම්බ වෙනවා . ” යනුවෙනි .

ඉන්පසු ආණ්ඩුවේ තවත් තරුණ අමාත්‍යවරයෙක් පැමිණ මාධ්‍යට අදහස් පළ කලේ

” මම එන එක නවත්තන්න කාටවත් බෑ .. මම මේ එන්නේ 8වෙනි වතාවට… මම අවේ අවරුදු චාරිත්‍රයක් විදියට බැහැ දැකල සුබ පතන්න … ආශීර්වාද කරන්න .. දීර්ඝායුෂ ප්‍රර්ථනා කරන්න.. මේ රට එතුමා බේරාගත්තු නිසා තමයි අපි අද මෙතන ඉන්නේ සහා විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ තාත්තා අද ජීවතුන් අතර ඉන්නේ එතුමා නිසා .. ඒ නිසා මම එන එක නවත්තන්න කාටවත්ම බෑ ” යනුවෙනි .

ඊට අමතරව කුරුණෑගලදී ඊයේ දවසේ රාත්‍රී කාලයේදී සිදු වූ රහසිගත් හමුවීම් කිහිපයක දී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලන පවුලකින් පැවත එන දේශපලන නායකයින් කිහිපදෙනෙක් පැමිණ හමු වී වූ බව තිබෙන බවට  වැඩිදුරටත් වාර්තා වේ .

මේ අනුව පසුගිය 13 වන දා දින සිට ඊයේ දින තෙක් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය නියෝජන කරන මැති ඇමතිවරුන් 14 දෙනෙක් මහින්ද රාජපක්‍ෂ හමු වී සාකච්ඡා කොට ඇති අතර ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මහින්ද රාජපක්‍ෂ සිටින ස්ථාන වලට පැමිණ හමු වී ඇති බව අප වෙත වාර්තා වේ .

– උපුටා ගැනීමකි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක