Menu

මුම්බායි හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

July 25, 2017

ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ එහි සිරවී සිටින බව ඉන්දීය වාර්තා සදහන් කරයි. මේවන විට පුද්ගලයින් 04දෙනෙකුගේ මළ සිරුරු හමුව ඇතැයි ද වාර්තා වේ.

මහල් හතරකින් යුත් නිවාස සංකීර්ණයක් මෙසේ කඩා වැටී ඇත. ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි සැලකිය යුතු පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

දැනට පුද්ගලයන් නව දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිව තිබේ.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් කෑගසන හඩ පවා ඇසෙන බව ඉන්දීය වාර්තා සදහන් කර ඇත. මෙම ගොඩනැගිල්ලේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබේ. එහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිසක් ද සිරවී සිටින පිරිසට අයත් බව සදහන් වේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක