Menu

මෝදි ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන ඇස යොමයි – ඉන්දියානු මාධ්‍යයෙන් විශේෂ හෙළිදරව්වක්

April 20, 2017

චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පවරා දීම නිසා ඇති වන කලාපයේ ආරක්‍ෂක අස්ථාවරත්වය තුලිත කිරීමට උපායමාර්ගික පියවරක් ලෙස ඉන්දියාව සමග ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට ශ‍්‍රී ලංකාව සමග ගිවිසුමක් අත්සන් කරන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරන්නේ එළැඹෙන වෙසක් පොහොය දිනට සමගාමීව සිදු කිරීමට නියමිත ඉන්දීය අගමැතිගේමෙරට සංචාරය අතරතුරදී මෙම ගිවිසුම අත්සන් තබනු ඇති බවයි.

ඊට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවට ගොස් මේ ගැන තීරණාත්මක සාකච්ජාවක් පවත්වනු ඇතැයිද සදහන්ය.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක