Menu

පක්ෂ නායකයින් – අගමැති සමග පැවති සාකච්ජාව කුමක්ද?

July 17, 2017

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අරලියගහ මන්දිරයේ දී ඊයේ සවස පැවැත්වුණා.

දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් ඊට සහභාගී වූ බවයි, වාර්තා වන්නේ.  යෝජිත ඡන්ද ක්‍රමය වෙනුවට නව ඡන්ද ක්‍රමයක් සකස් කිරීමට එහිදී සාකච්ජා කර තිබෙනවා.

නව ක්‍රමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමටයි, අවධානය යොමුව ඇත්තේ.

මීළඟ පළාත් පාලන මැතිවරණය මේ වසර තුළ පැවැත්වීමට ද යෝජනා වී තිබෙනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් මේ රැස්වීමට පැමිණ සිටි බව වාර්තා වුණා.

වැඩිපුරම කියැවූ පුවත්