Menu

සිම්බාබ්වේ කණ්ඩායමට ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් සාර්ථක පිළිතුරක්(UPDATE)

July 17, 2017

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අවසානයේ සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 170ක් ලබා සිටිනවා.

ජයග‍්‍රහණය සදහා ලකුණු 388ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 60ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 17ක් ලබා සිටියි.

ශ‍්‍රී ලංකා දෙවන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් දිමුත් කරුණාරත්න උපුල් තරංග හා එක්වෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් සම්බන්ධතාවක් පැවැත්වු අතර දෙවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සමග එක්ව ලකුණු 50ක සබදතාවක් පැවැත්විය.

විලියම්ස් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දිමුත් පිටියෙන් ඉවත්වන විට ලකුනු 49ක් ලබාගෙන තිබුණි

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ජයග‍්‍රහණය සදහා තවත් ලකුණු 218ක් අවශ්‍ය ඇත

*******************************

සිව්වැනි දිනයේ තේ පානය සදහා තරගය නතර විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කන්ඩායම කිසිවකු නොදැවී ලකුණු 56ක් ලබා සිටී

ජයග‍්‍රහණය සදහා ලකුණු 388ක ඉලක්කයක් හඹායන ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙන උපුල් තරංග ලකුණු 29ක් ලබා සිටින අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුනු 27ක් ලබා සිටී.

සිම්බාබ්වේ දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණ 377යි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක