Menu

‘ඉන්දියානු සංචාරයට අසේල යහපත් සෞඛ්‍යකින් සිටිය යුතුයි’.. සිම්බාබ්වේට එරෙහි ඉදිරි සැලසුම ගැන රංගන කතා කරයි

July 16, 2017

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයේ තම පළමු ඉනිම ලකුණු 350 ක් හෝ 400 ක් පමණ දක්වා රැගෙන යාමට හැකියාව ලැබෙන්නේ නම් එය වැදගත් වනු ඇති බව රංගන හේරත් පවසනවා.

එසේ නොවන්නේ නම් දෙවන ඉනිමේදී ඉක්මනින් සිම්බාබ්වේ පිතිකරුවන් දවාගත යුතු වන බවයි හේරත් පෙන්වා දෙන්නේ.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතිල්ලේ හතරවන ඉනිමේ පන්දුවට පහරදීම ඉතා අසීරු තත්වයක් බව රංගන හේරත් සඳහන් කළා.

තම කණ්ඩායමේ දග පන්දු යවන්නන් දෙදෙනෙකු ද සිටින බැවින් සිම්බාබ්වේ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළකරනවා.

කෙසේවෙතත් තම කණ්ඩායම පළමු ඉනිමේදී මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක සිටිය යුතු බවයි හේරත් කියාසිටියේ.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවන දිනය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංගන හේරත් මෙම අදහස් පළකර තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදී තණතිල්ල දග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

ආබාධ තත්වය මත අසේල ගුණරත්නට පන්දු යැවීමට හැකියාවක් නොලැබෙනු ඇතැයි රංගන හේරත් ප්‍රකාශ කළා.

ඉන්දීය සංචාරය වෙනුවෙන් අසේල ගුණරත්න යහපත් ශරීර සෞඛ්‍යයකින් සිටිය යුතු බවයි ඔහු කියාසිටියේ.

තමා සහ දිල්රුවන් පෙරේරා පන්දු යැවීමට සුදානම් අතර කුසල් මෙන්ඩිස් ද පන්දු යැවීම වෙනුවෙන් යොදාගත හැකි බව රංගන හේරත් සඳහන් කළා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක