Menu

“ඉන්න බැරිනම් ගෙදර යන්න”.. අගමැතිවරයාගේ දැඩි තීරණයට හේතුවු රන්ජන් කල කතාව (VIDEO)

July 16, 2017

ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය.තමන් හොරු ආරක්‍ෂා නොකරන බවත් තම පක්‍ෂයේ නායකයා විශ්වාස නැතිනම් ආණ්ඩුවන් ඉවත්ව ගොස් කැමති තරම් විවේචනය කරන ලෙසද අගමැතිවරයා එහිදී පවසා ඇත.

ශ‍්‍රීලනිප හොරු ජනාධිපති මෛත‍්‍රී විසිනුත්, එජාප හොරු අගමැති රනිල් වික‍්‍රමසිංහ විසිනුත් රකින නිසා  ජනතාව අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පාර්ලිිමේනතුවේදී කල ප‍්‍රකාශය අගමැතිවරයාගේ මෙම දැඩි තීරණයට හේතුවී ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

එම කතාව පහතින්..

 

වැඩිපුරම කියැවූ පුවත්