Menu

‘පරණ චන්දිව අපි අයෙත් දැක්කා’..නායකත්වය ලැබීමෙන් පසු චන්දිමාල් කරපු මුල්ම දේ(PHOTOS)

July 15, 2017

නව නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ප්‍රථම තරගය සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ප්‍රථම සහ එකම ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

මේ අනුව පන්දුවට පහර දුන් නායක දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරණ ඉරියව්වෙ වෙනසක් තිබූ බව ක්‍රීඩා විචාරකයන් පවසනවා.

දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කල මුල් කාළයේ ප්‍රවේගකාරී සාර්ථක පිතිකරුවෙකු වූ අතර පසුව පුහුණුකරු මාවන් අතපත්තු විසින් ඔහුගේ පිතිකරණ ඉරියව්ව වෙනස් කලා. ඉන්පසුව දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂතාවයන් වල පසුබෑමක් සිදුවූ අතර ඒ පිතිකරණ ඉරියව්ව වෙනස් කළ නිසා බව කියවුනා.

කෙසේ නමුත් චන්දිමාල් අද ක්‍රීඩා කලේ ඔහුගේ මුල්ම පන්දුවට පහර දීමේ ඉරියව්වෙන් බවත් නායකත්වය සමග ඔහුට රුචි අයුරින් ක්‍රීඩා කිරීමේ නිදහසද ලැබි ඇති බව ක්‍රීඩා විචාරකයන් පවසනවා.

නායකයෙකු ලෙස සිය පළමු ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ චන්දිමාල් අර්ධ ශතකයක් වාර්තා කිරීමටද සමත් උනා.

චන්දිමාල්ගේ පිතිකරණ ඉරියව්වේ වෙනස පිළිබද ෆේස්බුක් වෙබ් අඩවියේ ක්‍රිකට් රසිකයන් අතර හුවමාරූ වූ ඡායාරූපයක් පහතින්

 


වැඩිපුරම කියැවූ පුවත්