Menu

මහවැලි මහ සෑය විහාරය ආණ්ඩුවට පවරා ගනී..මල්වතු නාහිමියන් සටන අරඹයි

July 15, 2017

මල්වතු මහා විහාරය යටතේ පාලනය වන කොත්මලේ මහවැලි මහාසෑය විහාරස්ථානය මහවැලි සංස්කෘතික පදනම් භාරයයට පවරාගෙන ඇති බවට සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරමින් උන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ඇමති නවීන් දිසානායක වෙත මහනාහිමියන් විසින් සෘජුව චෝදනා කරයි.

මහනාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මෙහි දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන මහවැලි මහා සෑය විහාරස්ථානාධිපති හිමියන් පවසන්නේ ජනාධිපතිවරයා විසින් ශිලා ලිපියක් මගින් සම්බුද්ධ ශාසනයට පවරා දෙනු ලැබූ බවත් එය දැන් පුද්ගලික සමාගමකට ඉල්ලා සිටින බවත්ය.

ශාසනයට සංඝික කරන ලද්දක් නැවත පුද්ගලික සමාගමකට හෝ වෙනත් භාරයකට පත් කලහොත් එය පාපකර්මයක් වන බවද සදහන් උන් වහන්සේ සදහන් කරති.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක