Menu

චන්දිමාල්ගේ පහර තරංගට එරෙහි වෙයි (UPDATE/VIDEO)

July 15, 2017

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 03ක් දැවී ලකුනු 139ක් ලබා ගෙන සිටි.

ශ‍්‍රි ලංකා ඉනිම ගොඩනගමින් සිම්බාබ්වේ පන්දුයවන්නන්ට සාර්ථක ලෙස පහරදුන් උපුල් තරංග අවසනාවන්ත ලෙස දැවී යනවිට ලකුණු 71 රැස් කරගෙන සිට අතර දිමුත් කරුණාරත්න ලකුණු 25කට දැවී ගියා .

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 17ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10ක් ලබා නොදැවී පන්දුවට පහරදෙයි.

උපුල් තරංග දැවී ගිය අයුරු.

Posted by Sri Lanka Cricket Live on Saturday, July 15, 2017

 

*********************************

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි..

ඊයේ(14) දිනය නිමා වන විට කඩුලු 8කට ලකුණු 344ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ අවසන් කඩුලු 02 ලකුණු 12ක් තුළ ලබාගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන සමත් වුනා.

සිය ටෙස්ට් දිවියේ කඩුලු 05ක් දවා ගත් 30 වැනි අවස්තාව සටහන් කරමින් ලකුණු 27ක් ලබා සිටි ඩොනල්ට් තිරිපානෝ දවා ගැනීමට රංගන හේරත් සමත් වු අතර සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ක‍්‍රිග් අර්වින් ලකුණු 160කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුනා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක