Menu

ලොකු ඇමැතිවරුන් 3ක් ගැන රනිල්ට පැමිණිල්ලක්:එජාපයේ නායකත්වයටත් බලපෑම්

July 15, 2017

එජාපයේ ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් යහපාලන රජයේ මෙන්ම එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වන එක්සත් ජාතික පක්ෂයේ පැවැත්මට බරපතළ හානි සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු පිරිසක් සූදානම් වෙති.

මේ ඇමැතිවරුන් තිදෙනා පිළිබඳව විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන්ද තදබල චෝදනා සහ විවේචන එල්ල වන බවත්, එජාප නායකයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිඳව මුනිවත රැකීම පක්ෂයේ ඉදිරිගමනට බාධාවක් මෙන්ම පක්ෂයේ ජයග්‍රහණයට පෙරමුණ ගත් පාක්ෂිකයන්ට කරන බලවත් අසාධාරණයක් බවද ඔවුහු පෙන්වා දෙති.

කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී ඉකුත් බ්‍රහස්පතින්දා (13දා) පැවැති මැති ඇමැති හමුවකදීත් පෙරේදා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීත් මේ පිළිබඳව මැති ඇමැතිවරුන් ගණනාවක් අග්‍රාමාත්‍යවරයාට කරුණු දක්වා ඇති අතර 40 වැනි විජයග්‍රහණය සැමරිය යුත්තේ ගාලු මුව‍ෙදාර සැණකෙළි පැවැත්වීමෙන් නොව වසර 20ක් තිස්සේ අයුක්තියට සහ අසාධාරණයට ලක්ව සිටින පාක්ෂිකයන්ට යම් තරමකට හෝ සහන සැලසීමෙන් පමණක් බව ඔවුන් පෙන්වා දී තිබේ. රජය බලයට පත්වී වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් පාක්ෂිකයන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්වීම නිසා තම පාක්ෂිකයන්ට මුහුණ දිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වී එජාප නායකත්වයට බලපෑම් කිරීමට ඔවුන් තීරණයකට එළැඹ සිටින බවටද තොරතුරු වාර්තා වේ.

වැඩිපුරම කියැවූ පුවත්