Menu

සුපිරි පක්ෂයක් ගැන මෛත්‍රිගෙන් හෙළිදරව්වක්

July 15, 2017

වෘත්තීයවේදීන්, අධ්‍යාපනඥයන් සහ කෝටිපති තරුණ ව්‍යාපාරික පිරිසක් ඇතුළු රටේ බුද්ධිමතුන්ගේ එකතුවකින් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත්දා (12දා) පැවැති ශ්‍රී ලනිප මාසික මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනාවරණයකොට තිබේ.

ජනාධිපතිවරයා මේ අනාවරණය කර තිබෙන්නේ ශ්‍රී ලනිපයේ ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට මෙහිදී ඩුලිප් විජේසේකර, ජෝන් සෙනෙවිරත්න ඇතුළු කිහිපදෙනකු කළ ප්‍රකාශයකට අලුත් බලාපොරොත්තුවක් ගැන ඉඟියක් කරමින්ය. අලුතින් පිහිටුවීමට යන මේ පක්ෂයට ඕනෑ තරම් මුදල් සැපයීමට විශේෂයෙන් තරුණ කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසක් ඉදිරිපත්ව සිටින බවට සඳහන් කර ඇති ජනාධිපතිවරයා, මේ තරුණ ව්‍යාපාරිකයන් ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳවම ප්‍රසාදයක් නැති පිරිසක් බවත් ඔවුන් නව පක්ෂය ගොඩනැඟීමට සාකච්ඡා පවත්වමින් සිටින බවටත් තොරතුරු අනාවරණය කර තිබේ.

පසුගියදා ප්‍රංශයේ දේශපාලන බලය වෙනස් වීමේදී වර්තමාන ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතාගේ භූමිකාව ගැනද මෙහිදී ජනාධිපතිවරයා ඉඟියක් කොට ඇති බවද දැන ගන්නට ඇත.

වැඩිපුරම කියැවූ පුවත්