Menu

ශ‍්‍රී ලංකාවේ හොදම රාජ්‍ය සේවකයා ලෙස පූජිත තේරිපත්වෙයි

July 14, 2017

ශ්‍රී ලංකාවේ හොදම සේවා යෝජකයාට හිමි සම්මානය සදහා පොලිස්පති පූජිත ජයසුන්දර තේරී පත්වී තිබෙනවා. ඒ ලෝකයේ පිළිගත් මානව සම්පත් කළමනාකරණ ඇගයුම් ආයතනයක් වන World HRD Congress ආයතනය මගින් සිදු කළ සම්මාන ප්‍රධානෝත්සවයකදීයි.

මෙම ආයතනය මගින් සේවා ක්ෂේත්‍ර‍යේ නියුතුවන්ට 2017 වසර සදහා සම්මාන පුදකළ අතර 017 වසරේ ලංකාවේ හොඳම සේවා යෝජකයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව තෝරාගෙන තිබේ.

ඒ වෙනුවෙන් සම්මානය ඔහුට ඊයේ පිරිනමා තිබෙන අතර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම සම්මාන උළෙල පවත්වා තිබෙනවා.

ජීවිතයේ එක්වරක් පමණක් මෙවැනි සම්මානයක් කෙනෙකුට පිරිනැමීමද විශේෂත්වයකි.

World HRD Congress යනු ඉන්දියාවේ මුම්බායිහි මූලස්ථානය කොටගත් ලාභ නොලබන ආයතනයකි. මෙම ආයතනය වසර 25ක් තිස්සේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ විමර්ශනය කරන බව සදහන්
මෙම සම්මානය ලබාදුන් අවස්තාවේ එම ආයතනය ශ්‍රී ලංකා පොලිසියද ඇගයීමට භාජනය කර තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්