Menu

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

April 19, 2017

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඉන්දියාවේ ධන කුවේරයෙකු වන විජය මල්ලයා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව අද වාර්තාවුණා.

ණය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකරු ලෙසද කටයුතු කරනවා.

ඔහුගේ යටතේ පැවති  කින්ග්ෆිෂර් එයාර් ලයින් ආයතනයේ සිදුවු මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් ද විජය මල්ලයාට චෝදනා එල්ලවී තිබෙනවා.

සැකකරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාරදීමට ලන්ඩන් බලධාරීන් කටයුතු කරමින් පවතින බව සඳහන්.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම මෝටර් රථ ධාවන තරගවලට වැඩි කැමැත්තෙන් පසුවු අයෙක් බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මෙම පුද්ගලයා බැංකුවලට පවුම් මිලියන 600 කට වැඩි ණය ගෙවීමට ඇතැයි අනාවරණ වී ඇති අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද සඳහන්.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී  විජය මල්ලයාගේ විදේශ ගමන් බලපත්‍රය ඉන්දීය රජය විසින් තහනම් කර තිබු බවයි වාර්තා වන්නේ.

වැඩිපුරම කියැවූ පුවත්