Menu

ක්‍රිස් ගේල්ගෙන් ලෝක වාර්තාවක්…

April 19, 2017

විස්සයි විස්ස තරග ඉතිහාසයේ ලකුණු 10000 සම්පුර්ණ කළ පළමු ක‍්‍රීඩකයා බවට පත්වීමට ක‍්‍රිස්ගේල් ඊයේ සමත්වුනා

IPL තරඟාවලියේ Gujarat Lions කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරඟයේ Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිස් ගේල් ලකුණු 77 ක් රැස්කරගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bangalore  කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ගේල් තම සුපිරි ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 7 ක් එක්කලා.

ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි ගේල් සමඟ එක්වූ ඉන්දීය සුපිරි පිතිකරු කෝලි ලකුණු 64 ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින්.

Royal Challengers Bangalore  කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 122 ක් වූ අතර ඔවුන් කඩුලු 2 ක් දැවී ලකුණු 213 රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gujarat Lions කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත්තේ ලකුණු 192 ක් පමණයි.

ඒ අනුව මේවර තරඟාවලියේ ඊයේ පැවති 20 වන තරඟයේ ජය ලකුණු 21 කින් හිමිකරගැනීමට Royal Challengers Bangalore  කණ්ඩායම සමත්වූවා.

වැඩිපුරම කියැවූ පුවත්