Menu

ඇමරිකාවේ ජනපති වු රහස ට‍්‍රම්ප් හෙළිකරයි

July 3, 2017

තමාගේ සමාජජාල මාධ්‍ය භාවිතය ජනාධිපතීත්වය ගැන කතාවක් නොවන බවත්, එය නූතන ජනාධිපතීත්වය ගැන කතාවක් බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකානු නායකයා MSNBC රූපවාහිනී නිවේදකයෙකු හා නිවේදිකාව ඉලක්ක කරමින් සමාජජාල තුළින් පළ කළ අදහස් වෙත එල්ල වන විවේචන හමුවේ ඔහු සිය සමාජජාල මාධ්‍ය භාවිතය ගැන අදහස් දක්වා තිබේ.

එහිදී, ජනාධිපතිවරයා විසින් මෙම නිවේදකයන් දෙදෙනා පෞද්ගලිකවම ඉලක්ක කරමින් පළ කර තිබූ අදහස් එරට ඩිමොක්‍රටික් පක්ෂය මෙන්ම, ඇතැම් රිපබ්ලිකන්වරුන්ද හෙළාදැක තැබූ බව ප්‍රධාන දහරාවේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසන්නේ සමාජජාල මාධ්‍ය භාවිතය තුළින් ප්‍රධාන දහරාවේ මාධ්‍ය මගහැර තමන්ට සෘජුවම තම ජනතාවට ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව සැලසී ඇති බවයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා ආරම්භයේ සිටම බොහෝ ප්‍රධාන දහරාවේ මාධ්‍ය ව්‍යාජ පුවත් පළ කරන බවට චෝදනා කළේය.

“ව්‍යාජ සහ වංචාකාරි මාධ්‍ය ආයතන විසින් මා සමාජජාල මාධ්‍ය භාවිත නොකළ යුතු බවට රිපබ්ලිකන්වරුන් සහ සෙසු පිරිස් වෙත ඒත්තු ගැන්වීමට දැඩි උත්සාහයක නිරත වෙනවා” යැයි ට්‍රම්ප් තවත් ට්විටර් පණිවුඩයකින් පවසයි. “නමුත් මතක තියාගන්න, 2016 මැතිවරණය මා ජයග්‍රහණය කළේ සම්මුඛ සාකච්ඡා, ප්‍රසිද්ධ දේශන සහ සමාජජාල මාධ්‍ය නිසයි.”

විශේෂයෙන්ම සී.එන්.එන්. පුවත් නාලිකාව ඇමෙරිකානු නායකයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන අතර, ඔවුන් ව්‍යාජ පුවත් හා කුණු බක්කි මාධ්‍ය කලාව තවදුරටත් හසුරුවන බවද හෙතෙම පවසා තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට මේ වනවිට ට්විටර් අනුගාමිකයන් මිලියන 33ක් පමණ සිටියි. කෙසේ වෙතත්, ප්‍රධාන දහරාවේ මාධ්‍ය ආයතන පවසන්නේ ජනපති ට්‍රම්ප්ට මෙම ග්‍රාහක පිරිස වෙත ප්‍රබල බලපෑමක් කිරීමට නොහැකි බවය. ඔවුන් වැඩිදෙනා ට්‍රම්ප්ගේ නිවේදන වෙත දැඩි විවේචන එල්ල කරන බවද එම මාධ්‍ය පවසයි.

නමුත්, ස්වාධීන මාධ්‍ය ආයතන පෙන්වා දෙන්නේ ඇමෙරිකානු නායකයා තම නූතන ජනාධිපතීත්වය තුළ ඇමෙරිකානු මෙන්ම, ඉන් පිටත සමාජයටද සිය මතය වඩාත් හොඳින් හා සෘජුව ගලායෑමට දක්ෂ ලෙස සමාජජාල මාධ්‍ය භාවිත කරන බවයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක