Menu

මුස්ලිම් කාන්තාවකට බුර්කාව ගලවා පහර දෙයි…. තවත් දෙදෙනෙකුට ඇසිඩ් ප‍්‍රහාරයක්.. ලන්ඩනයම කුපිත වෙයි(PHOTO/VIDEO)

July 1, 2017

මේ දිනවල බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර දෙකක් වන අගනුවර වන ලන්ඩනයේ සහ මැන්චේස්ටර් නගරවල මුස්ලිම් විරෝධී සිද්ධීන් ඉහළ යමින් ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය කාලයෙදී ලන්ඩනයේ මෙන්ම මැන්චේස්ටර් නගරවල සිදු කල බෝම්බ ප්‍රහාරයන් අයි එස් අයි එස් මුස්ලිම් ත්‍රස්තවාදීන් සිදු කිරීම හමුවේ බ්‍රිතාන්‍යයේ වැසියන් විසින් එරටේ ජීවත්වන මුස්ලිම්වරුන්ට විරුද්ධව පහරදීම් සහ කඩාකප්පල් ක්‍රියා උත්සන්න කර ඇති බැව් වාර්තා කොට ඇත.

ඒ අනුව මේ වනවිට එවෙනි සිද්ධීන් 1217 ක් ලන්ඩන් නගර පොලිස් සිමාව තුල පමණක් වාර්තා වන අතර මුස්ලිම් පල්ලියකට පහරදීම මෙන්ම මුස්ලිම් කාන්තාවක් විසින් හිස වසා යන පලදනාවක් ගලවා පහරදීමක් ද වාර්තා වේ.

මේ අතර  තවත් මුස්ලිම්වරු දෙදෙනෙකුට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවද වාර්තා වෙයි.

මේ වනවිටත් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන ප්‍රදේශයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව ද තර කර ඇති බවත් ද ගාර්ඩියන් පුවත්පත වාර්තා කොට ඇත.

jameel-muhktar-acid-attack2.jpg

Acid attack victim Jameel Muhktar tells his shocking story

“I honestly feel that if this was a white person attacked by an Asian…it’d be all over the news.” Jameel Muhktar and his cousin had acid thrown in their car eight days ago – he told Assed Baig the shocking story of the incident and its aftermath.

Posted by Channel 4 News on Thursday, June 29, 2017

 

වැඩිපුරම කියැවූ පුවත්