Menu

ඩැනියෙල්ගේ හුදකලා ඉනිම ලංකාවේ ජයට ප‍්‍රමාණවත් නොවෙයි

April 18, 2017

සංචාරක ශ‍්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම හා ඔස්ටෙ‍්‍රිලියානු වයස 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි තරගයෙන් ලකුණු 102ක ජයක් ලැබීමට ඔස්ටෙ‍්‍රිලියානු කණ්ඩායම සමත් විය

කාසිය වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ටෙ‍්‍රිලියානු කණ්ඩායම සිය පන්දුවාර 50තුළ කඩුලු 07ක් දැවී ලකුණු 251ක් ලබා ගත්තා.

එහිදී අනගි ඉනිමක් ක‍්‍රිඩාකළ ජැක් එඩ්වඩිස් ලකුණු 95ක් රැුස් කිරීමට සමත් වූ අතර ප‍්‍රවීන් ජයවික‍්‍රම කඩුලු 02ක් බිද හෙළිමට සමත් වුනා.

ජයග‍්‍රහණය සදහා ලකුණු 252ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149ක් පමණි.

හුදකලා ඉනිමක් ක‍්‍රීඩා කළ ජෙහාන් ඩැනියෙල් නොදැවී ලකුණූ 55යි.

ඒ අනූව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්විය.

තරගයේ ලකුණු පුවරුව පහතින්..

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක