Menu

සංගාගේ ශතකය සරේ කණ්ඩායම පරාජයෙන් ගලවයි

April 18, 2017

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති සිවු දින තරගයේදී ශතකයක් ලබාගැනීමට සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර (136) සමත් විය.

මෙම තරගය  ඊයේ  (17 ) ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරගය නිමා වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සරේ ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 323 ක් ලබා ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමට වඩා ලකුණු 172 ක් ඉදිරියෙන් සිටියේය.

පළමු ඉනිමේදී ලකුණු 46 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය කුමාර් සංගක්කාර, දෙවැනි ඉනිමේදී ශතකය සම්පූර්ණ කළේ පන්දු 155 කිනි. සයිමන් කෙරිගන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට සංගක්කාර සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් අලංකාර කර තිබිණ.

සරේ ප්‍රාන්ත දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ස්කොට් බෝර්ත්වික් (නොදැවී 108) සමග එක්ව ලකුණු 256 ක අගනා සම්බන්ධතාවක්ද ගොඩනැගූ සංගක්කාර, සිය කණ්ඩායම ඉනිමක පරාජයකට ලක්වීමෙන් ගළවාගත්තේය. බෝර්ත්වික්ගේ ශතකය හතරේ පහර 11 කින් සමන්විත විය.

ලැන්කෂයර් ප්‍රාන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 470
(ඇලෙක්ස් ඬේවිස් 26, ශිව්නරීන් චන්ද්‍රපෝල් 182, රයන් මැක්ලරන් 28, ජෝඩාන් ක්ලාර්ක් 140, ස්ටීවන් පැරී 21, සයිමන් කෙරිගන් නොදැවී 20, මාර්ක් ෆූටිට් 118/5, ගැරත් බැටී 72/3)
සරේ ප්‍රාන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 319
(රෝරි බර්න්ස් 91, මාර්ක් ස්ටෝන්මන් 40, කුමාර් සංගක්කාර 46, ටොම් කරන් නොදැවී 33, ගැරත් බැටී 33, ස්ටීවන් පැරී 31/3, සයිමන් කෙරිගන් 35/2, කයිල් ජාවිස් 72/2)
සරේ ප්‍රාන්ත දෙවැනි ඉනිම – කඩුලු 3 ක් දැවී 323
(රෝරි බර්න්ස් 20, මාර්ක් ස්ටෝන්මන් 27, ස්කොට් බෝර්ත්වික් නොදැවී 108, කුමාර් සංගක්කාර 136, සයිමන් කෙරිගන් 101/2)

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක