Menu

ලංකාවේ හිමාශ ලොව දෙවන වේගවත්ම මිනිසා පරදවයි

April 17, 2017

ජැමෙයිකාවේ පුහුණුවීම් සිදුකරන මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන්  ජැමෙයිකාවේ දී පැවැති තරගයකදී මෙම වසරේ ඔහුගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත්විය.

ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියක් ලෙස පැවැති යූටෙක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරගයකට සහභාගීවෙමින් හිමාෂ මෙම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබේ.
මෙම තරගයට ඔලිම්පික් පදක්කම් ලාභී ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූර යොහාන් බ්ලේක් ද සහභාගීවුවත්, ඔහුට හිමිවූයේ තරගයේ අවසන් ස්ථානයයි.

ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කම් දෙකක් හිමිකරගෙන ඇති බ්ලේක්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, ඔහුට සාර්ථකව තරගය අවසන් කරගැනීමට නොහැකිවීම දැකගත හැකිවිය.

හිමාෂ ඒෂාන් මෙහිදී තත්පර 10.29 ක කාලයක් වැය කරමින් තරගය අවසන් කළේ හයවැන්නා ලෙසය.

තරගයේ ජය බ්‍රිතාන්‍යයේ සාර්නෙල් හියුස්ට හිමිවිය.

 

වැඩිපුරම කියැවූ පුවත්