Menu

මාලිංග සුපිරි පන්දුවකින් මැකලම්ගේ ඉනිම අවසන්කල හැටි මෙන්න(VIDEO)

April 17, 2017

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියට අදාළව 16වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය කඩුලු 06 කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 176 ක් ලබා ගත්තා.

ගුජරාට් ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 44කදී ලකුණු 64ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් ඇතුලත් වුණා.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රියාත්මක් කරමින් සිටි බ්‍රෙන්ඩන් මැකලම් ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මැක්ලරන්ස් කඩුලු 02ක් බිද දැමූ අතර ලසිත් මාලිංග සහ හර්බජාන් සිං කඩුලු 01 බැගින් දවාගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිල කඩුළු 04 ක් දැවී ලකුණු 177 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් නිතිෂ් රනා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 08ක් ලබා ගනිමින් මුම්බායි කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

අපේ මාලි මැකලම්ගේ පොලු ගලවයි..#MI vs #GL අලුත්ම ක‍්‍රිකට් වීඩියෝ බලන්න..Page එකට Like එකක් දාල සෙට් වෙන්න

Posted by The Land of the Lions -Sri Lanka- on Sunday, April 16, 2017

 

වැඩිපුරම කියැවූ පුවත්