Menu

සියලු ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් පරදා සංගා එක වෙයි

April 13, 2017

ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වඩාත් අලංකාර නිවාස හිමි ක්‍රිඩකයන් අතර මුල් තැන ශ්‍රී ලාංකික ක්‍රිඩකයෙකුට හිමිව ඇති අතර එසේ මුල් තැන හිමිව ඇත්තේ දක්ෂ මෙන්ම ජනප්‍රිය සුපිරි ක්‍රිඩකයෙකු වන කුමාර් සංගක්කාරගේ නිවස හටය.

Engeltine Cottage යනු එහි මුල් අයිතිකරුවන් ඒ බංගලාවට දැමූ නාමය වන අතර මේ බංගලාව සංගක්කාරගේ ඥාතීන් විසින් මීට අවුරුදු 81 කට පෙර මිල දී ගෙන තිබේ.

ඉපැරණි වලව්වක් වන මෙම නිවස අදටත් එදා මෙන් සුදු හුණුවලින් පිරියම් වී ඇති අතර සංගක්කාර ඉපදුණු දිනයේ පටන් අදටත් තම පවුලේ සාමාජිකයන් සමග ජීවත් වන මෙම නිවස මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.

එසේම නිවසේ හැඩය, පැරණි ගෘහ නිර්මාණ මෙන්ම අවට පරිසරයේ අලංකාරයද තවත් වැඩි කර තිබේ.

දෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ශේන් වොස්ටන්ට වන අතර ක්‍රිකට් වලින් අලංකාර අවකාශයක් ලබාගත් වොස්ටන්ගේ නිවස සුඛෝපභෝගී කාමර 4කින් සහ පිහිනුම් තටාකයකින් සමන්විතය.

තෙවන ස්ථානයට පත්වන නිවසේ හිමිකරුවා වන්නේ ඕස්ට්‍රේලියාවේ ශේන් වොන් වන අතර බ්‍රයිටන් හි ඔහුගේ සුපිරි මන්දිරය පිහිටා තිබේ.

නිදන කාමර 4ක්, ටෙනිස් ක්‍රීඩා කිරීමේ ස්ථානයක්, නාන තටාකයක් මෙන්ම වාහන 10ක් නවතා තැබිය හැකි ගරාජයක්ද මෙහි ඇත.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඔහුට හිමි අංක 23 සංකේතවත් කිරීමට නාන තටාකය 23 දිස්වන ආකාරයට සකස් කර තිබීමද විශේෂත්වයකි.

ක්‍රිකට් තරු වල සුපිරි නිවාස අතර සිවුවන ස්ථානයට පත්වන ක්‍රිස්ගේල්ගේ නිවස ජැමෙයිකාවේ කදු ගැටයක් මත පිහිටා තිබේ.

මේ සුපිරි නිවසේ කිංග්ස්ටන් නගරය සංකේතවත් කරන තට්ටුවක්, නාන තටාකයක්, රංග ශාලාවක්, නර්තනය සදහා කොටසක්, බිලියඩ් ක්‍රීඩාව සදහා වෙන් වු කාමරයක් තිබේ.

ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ගේ අධි සුඛෝපභෝගී නිවස මහල් පහකින් සමන්විත වන අතර එයින් පහළම මාල ටෙන්ඩුල්කාර් ගේ වාහන නැවැත්විමටත් අනෙක් ඒවා ඔහුගේ කුසලාන සහ දක්ෂතා ප්‍ර‍දර්ශනය කිරීමටත් භාවිතා කරනු ලැබේ.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක