Menu

කපුගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායමට තියුණු ජයක්

April 10, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ චාමර කපුගෙදරගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායම හා උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම අතර තරගය ඊයේ  කොළඹ NCC පිටියේදී  පැවැත්වුනා

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ප්‍රථමයෙන් පිටියට පැමිණ  සාර්ථක ආරම්භක අඩිතාලමක් දැමීමට නායක උපුල් තරංග හා සධීර සමරවික්‍රම සමත් විය. ලකුණු 111ක විශිෂ්ට සබඳතාවය අවසන් වූයේ තරංග පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට සචිත් පතිරණ සමත් වීමත් සමඟයි. දැවී යන අවස්ථාවේ තරංග 4 පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබා ගෙන සිටියේය.

ධනංජය ද සිල්වා සමඟ එක්වූ සධීර තෙවන කඩුල්ලට ලකුණු 75ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් තම කණ්ඩායම ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත් විය. එහිදී මැදපෙළ සවිමත් කළ ධනංජය 4 පහර 3ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 40ක් රැස්කරගන්නා ලදි.

NCC පිටිය සිසාරා පිතිකරණයේ යෙදෙමින් සාර්ථකව ලකුණු  රැස්කළ සධීර 4 පහර 12ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 109ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන, ලකුණු 347ක් වැනි දැවැන්ත ලකුණු මට්ටමකට ලගා වීමට කණ්ඩායමට සහාය විය.

ආරම්භක පිතිකරුවන් දෙපළ අසාර්ථක වූ අවස්ථාවේ, ලකුණු 348ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමේ වගකීම තම කර මතට ගත් මැදපෙළ යොවුන් පිතිකරු හශාන් දුමිදු 4 පහර 5ක් සමඟින් ලකුණු 76ක් රැස්කර ගත්තේ අවසානයේ සිය කණ්ඩායම ජයග්‍රහණය වෙතට සමීප කරමිනි. ඔහුට සවියක් වූ චරිත් අසලංක ලකුණු 51ක් ලබා ගන්නා ලදි. කඩුලු 9ක් දැවී ලකුණු 274ක් ලබාගෙන ඒ වන විට දුර්වලව සිටි මහනුවර කණ්ඩායමට නව බලාපොරොත්තුවක් එක් කරමින් ළහිරු ගමගේ හා ළහිරු මදුසංක ලකුණු 75*ක නොබිදුනු සබඳතාවයක් ගොඩනංවමින් අවසානයේ තම කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එන ලදි.

ළහිරු මදුසංක ප්‍රතිවාදී කඩුලු 3ක් මෙන්ම 4 හා 6 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 49*ක් ද රැස්කර ගත්තේ, අනාගත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්වීමට සුදුසුකම් පෙන්නුම් කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවට යම් ඉඟියක් ද ලබා දෙමිනි.

ගාල්ල – 347/07 (50): සධීර සමරවික්‍රම 109, උපුල් තරංග 54, දසුන් ශානක, ධනංජය ද සිල්වා 40, ලහිරු මදුසංක 3/61, ලහිරු ගමගේ 2/77

මහනුවර – 349/09 (49.3): හශාන් දුමිදු 76, චරිත් අසලංක 51, ලහිරු මදුසංක 49*, චාමර කපුගෙදර 44, ධනංජය ද සිල්වා 2/14, අකිල ධනංජය 2/57, චතුරංග ද සිල්වා 2/64

-උපුටා ගැනීමකි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක