Menu

වන්කඩේ ක්‍රීඩාංගනය උණුසුම් කරමින් මාලිංග IPL පිටියේ වැඩ අල්ලයි

April 10, 2017

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ   ඊයේ පැවති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩස්  කණ්ඩායම් අතර තරඟයේ ජයග්‍රහණ වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 04කින්.

තරඟය පැවත්වුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදී.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 81ක් ලබා ගැනීමට සමත්වුණා.

මෙවර IPL තරඟාවලියේ පළමු තරඟයට සහභාගී වූ ලසිත් මාලිංග මුම්බායි පිළ වෙනුවෙන් කඩුලු 02 දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05කදී කඩුලු 05ක් දැවී අදාල ඉලක්කය පසුකර යෑමට සමත්වුණා.

හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් සමගින් පන්දු 29ක් තුල ලකුණු 50ක් ලබාගත් මුම්බායි කණ්ඩායමේ නිතිෂ් රනා තරඟයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.

වැඩිපුරම කියැවූ පුවත්