Menu

චන්දිමාල්ගෙන් නායකත්වයේ ඉනිමක් -තරගය ජයපැරදුමෙන් තොර වෙයි

April 9, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරගය CCC පිටියේදී අද පැවැත්වුනා

කොළඹ කණ්ඩායමේ ඇරයුමෙන් ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පන්දුවාර 50තුළ කඩුලු 06කට ලකුණු 289ක් ලබා ගත්තා.

එහිදී සුපිරි ඉනිමක් ක‍්‍රිඩා කළ ලහිරු මිලන්ත ලකුණු 106ක්ද හර්ෂ කුරේ ලකුණු 94ක්ද ලබා ගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 36යි

පන්දු යැවීමේදි කොළඹ කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප‍්‍රනාන්දු ලකුණු 48කට කඩුලු 02ක්ද තිසර පෙරේරා ලකුණු 63කට කඩුලු 02ක් ද ලබා ගැනීමට සමත් වුනා

ලකුණු 290ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිවිසි කොළඹ කණඩායම සිය පන්දුවාර 50 තුළ ලකුණු 289ක් ලබා ගතේ තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරමින්

එහිදී නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 116ක්ද මලිදු හසරන්ග ලකුණු 84ක්ද ලබා ගත්තා
ෂෙහාන් ජයසූරිය ලකුණු 47යි

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඩිල්රුවන් පෙරේරා ලකුණු 36කට කඩුලු 02ක්ද අසිත ප‍්‍රනාන්දු ලකුණු 59කට කඩුලු 02ක් බිද හෙළිමට සමත් වුනා

වැඩිපුරම කියැවූ පුවත්